මහියංගණ ජාතික
පාසලේ අධ්‍යාපනය හදාරන අවධියේ දි පටන් මා ක්‍රිඩාවට දැක්වුයේ වැඩි දක්ෂතාවයකි ඒ
අනුව වසර ගනනාවක් සමස්ථ ලංකා පාසල් තරගාවලියේදි රිටි පැනිම හා දසප්‍රයාම තරගවලින්
ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබාගෙන ඇති මා තුන් පිම්ම ඉසව්වෙන් ඌව පළාත් පාසල්
වාර්තාවක් හා 2001 වර්ෂයේ ඌව පළාත් පාසල් ක්‍රීඩා උළලේදි දක්ෂතම ක්‍රීඩකයාද වු මා මහවැලි ක්‍රීඩා තරගාවලියේදි සී කලාපය නියෝජනය කරමින් තුන්වන ස්ථානය
ලබාගෙන ඇත. ඒ සදහා අපමන වෙහෙසක් දරා මගේ තාත්තා කෙනෙක් වගේ මා හට ඔවදන් දෙමින් පුරුදු පුහුණු කළ මහියංගන ජාතික පාසලේ හිටපු ක්‍රිඩා
ආචාර්ය ප්‍රභාත් ප්‍රනාන්දු ගුරුතුමා සිහිපත් කරන්නේද ඉමහත් ගෞරවයෙනි.
කුඩා කල සිටම
නිවස පිටුපස තිබෙන මහවැලි ගගත් එක්ක ජිවත් වූ මා හට පිහිණිමට උපන් දක්ෂතාවයක් මා
තුළ තිබිණි. නමුත් අප ප්‍රදේශයේ පිහිණුම් තටාකයක් නොතිබු අතර මා පාසල් යන අවධියේදි
පිහිණුම් ක්‍රිඩාව කිරිමට අවස්ථාවක් නොලැබිණි. 2002 වර්ෂයේදී ජාතික ක්‍රිඩා
ඩිප්ලෝමාව හැදැරිම සදහා ජාතික ක්‍රීඩා විද්‍යායතනයට තේරිපත්වන මා එහිදි ධනාජි ද සිල්වා හා නිශාන්ත ද කොස්තා යන
මහත්වරුන් යටතේ පිහිණුම් ක්‍රීඩාවේ මුලික ශිල්පීය ක්‍රමයන් හා මුලික ජිවිතාරක්ෂක පාඨමාලාව , සී.පි.ආර්. යන
පාඨමාලා පියදාස සිල්වා යන මහත්වරු යටතේ හදාරන ලදි. මුලික පිහිනුම් පාඨමාලාවේදි
මාගේ පිහිනුම් දක්ෂතා හදුනාගත් ශ්‍රි ලංකා පිහිනුම් පුහුණුකරුවන්ගේ හා ගුරුවරුන්ගේ
සංගමයේ ලේකම් ධනාජි ද සිල්වා මැතිතුමා විසින් මා රේන්බෝ පිහිණුම් ඇකඩමියේ ප්‍රධාන
පුහුණුකරු ජුලියන් බෝලිං මහතා වෙත යොමුකරන ලදි. එහිදි වැඩිදුර පිහිණුම් පිළිබදව
ඉගෙනගත් මා 2003 වර්ෂයේදි ජාතික මහා ක්‍රිඩා උළලේ ඌව පළාත් පිහිණුම් ශුරතාවලියේදි
මිටර් 200 සමනල ආර, මිටර් 200 පසුපස ආර, මිටර් 200 ලය ආර ඉසව් වලින් ප්‍රථම ස්ථානය
හිමිකරගන්නා ලදි. 2004 වර්ෂයේදි ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට තේරිපත්වන මා
එහිදි සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන (ක්‍රීඩා) පිළිබද ශික්ෂණ විද්‍ය ඩිප්ලෝමාව
ලබාගෙන 2004 සිට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශ භාර නිශාන්ත බණ්ඩාර
මහතාගේ මග පෙන්විම මත පිහිණුම් පුහුණුකරුවෙක් වශයෙන් ක්ෂේත්‍රයට එකතු වු මා 2005
වර්ෂයේදි ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 2004/2006 කණ්ඩායම සදහා පිහිණුම් පිළිබද
පාඨමාලාවට භාහිර උපදේශක වහයෙන් සහභාගි විය.ං 2006 වර්ෂයේදි පිහිණුම් පුහුණුකරු
පලමු අදියර (Swimming Coach Level 1 – SLCTA) පාඨමාලාව ද ශ්‍රි
ලංකා ජිවිතාරක්ෂක සංගමයෙන් ජිවිතාරක්ෂක
සහතික පත්‍රද ලබා ඇති මා 2005 සහ 2006 වර්ෂ වලදි භාහිර පිහිණුම් පුහුණුකරුවෙක්
වශයෙන් බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ සහ 2007 වර්ෂයේ ගුරුතලාව ශාන්ත
තෝමස් විද්‍යාලයේ ප්‍රධාන පිහිණුම් පුහුණුකරු වශයෙන් ජාතික පාසල් මට්ටමේ ක්‍රිඩකයින්
බිහිකරන ලදි. පිහිණුම් තටාක නඩත්තුව
පිළිබදව portofino ආයතනයෙන් “Swimming
Pool Maintainer certificate cause” සහතිකපත්‍ර
ලබාගෙන ඇත. 2013 වර්ෂයේදි ක්‍රිඩා අමාත්‍යාංශය මගින් පවත්වන ලද පිහිණුම් පුහුණුකරුවන්
සදහා පාඨමාලාවද පිහිණුම් පුහුණුකරුවෙක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංයේ ලියාපදිංචි වී
ඇත. 2013 වර්ෂයේදි අම්පාර ඩි.එස්. සේනානායක ජාතික පාසලේ ප්‍රධාන පිහිණුම්
පුහුණුකරු වශයෙන් මේ දක්වා කටයුතු කරන අතර 2014 හා 2015 වර්ෂවලදි ජාතික මහා ක්‍රිඩා උළෙලට
සමගාමිව නැගෙනහිර පළාත් පිහිණුම් ශුරතාවය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දුන් කණ්ඩායමේ වැඩිම බාලිකා නියෝජනයක් කරමින් වැඩි ජයග්‍රහන ප්‍රමානයක් අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දීමට අප පිහිනුම් පාසලේ පුහුණුවීම් ලබන ශිෂ්‍යාවන්ට හැකියාව ලැබුනි.
එසේම මා මේ ගමන
ඒමට මගපෙන්වු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ක්‍රිඩා ආචාර්ය නිශාන්ත බණ්ඩාර
මහතා හා ඌව පළාත් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනියර් විතානගේ මැතිතුමා හා විතානගේ
මැතිණියද ඩි. එස්. සේනානායක ජාතික පාසලේ වත්මන් විදුහල්පති එස්.කේ. සමරනායක
මැතිතුමාගේ මගපෙන්විම මත ඉහත දක්ෂතා පෙන්විමට මට හැකියාව ලැබුණි. ඒ වෙනුවෙන් ඒ
සියළුම දෙනාට මගේ ස්තුතිය පුදකරමි.
අම්පාර
පිහිනුම් පුහුණු පාසල මගින් අම්පාර ප්‍රදේශයේ සයලු දරුවන්ටද නිවැරැදිව පිහිණුම්
ශිල්පීය ක්‍රම උගන්වමින් ඔවුන් ජාතික, ජාත්‍යන්තර තලයට ගෙන යාම මාගේ අරමුණ වේ.
මම
එම්. ඉන්දික කුමාර
071-1121089












No comments:
Post a Comment