slide

Blogger Tips and Tricks
  • ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.
  • වෙල්ලස්ස පිහිනුම් තටාකය - මහානාම ජාතික පාසල.
  • ඩි.එස්. සේනානායක ජාතික පාසල් පිහිනුම් තටාකය

Saturday, December 27, 2014

පිහිණුම් පාසල ගැන

               හතර වටින්ම සාගරයෙන් වට වු දිවයිනක රට මධ්‍යයේ සිට සිව් දෙසට ගලාබසින මනරම් ගංගාවලින් ගහන වූ දේශයක අතීතයේ පටන් වැව් අමුණු බැද ජල ක්‍රීඩා පැවැත්වු රටක උපන් දරවෙකු පිහිණිමේ දක්ෂයෙකු නොවේ නම් ඔහු සැබැවින්ම මෙම මාතෘ භූමියේ උපන් පුත්‍රයකු නොවන තරම්ය. (ජුලියන් බෝලින්) 


                        ජනප්‍රීය ක්‍රිඩාවක් වූ පිහිණුම් ක්‍රිඩාවට අද ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී  හිමිවන්නේ වැදගත් තැනකි. ශ්‍රි ලංකාවේ කොළඹ, අම්බලන්ගොඩ හා මහනුවර වැනි ප්‍රදේශවලට පමනක් සීමා වූ මෙය වර්තමානය වන විට ගාල්ල, මාතරද, පොලොන්නරුව වැනි ප්‍රදේශවල ද ප්‍රචලිතවන මෙම ක්‍රීඩාව අම්පාර,අක්කරෙයිපත්තු, මොණරාගල ප්‍රදේශවල පිහිණුම් ක්‍රිඩාවල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා වැඩිහිටියන්ට අපගේ පිහිණුම් පුහුණු පාසලට සම්බන්ධවීම තුලින් නිවැරැදිව, විද්‍යාත්මකව, තාක්ෂණයට අනුව පිහිනන්න ඉගෙන ගැනිමට සුදුසු පාසලක් ලෙස අම්පාර පිහිණුම් පාසල බිහිකිරිම අපගේ අරමුණ වේ. විශේෂ අවශ්‍යතා හා ආබාධිත අය ඇතුළු දරුවන් හා වැඩිහිටියන් සඳහා ශාරිරික සුවතාවයට හා තරගකාරී පිහිනීම පුහුණුව හා වසර පුරා ම පිහිනීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා උපෙදස්  ලබාදීමද අපේ අරමුණු අතරට එකතුවේ.
                       අපගේ පිහිනුම් පුහුණු  පාසලේ පීනන්න ඉගෙනගන්න ළදරුවන්, කුඩා දරුවන්, නව යොවුන් හා වැඩිහිටියන් 850 කට අධික සමාජික සාමාජිකාවන් සමග ඔබත් ජාත්‍යන්තරව පිළිගත් නිපුනතා සංවර්ධන සහතික පියවරෙන් පියවරට ලබාගනිමින් සාර්ථකව ප්‍රායෝගිකව පුහුනුව සමගින් පිහිනීම ඉගෙන ගැනිමට අම්පාර ප්‍රදේශයේ දරුවන්ට පිහිනුම් පුහුණු  පාසලේන් අවස්ථාව ලබා දී ඇත.
එමෙන්ම දැන් අම්පාරට අමතරව මොණරාගල වෙල්ලස්ස පිහිණුම් තටාකය, අක්කරෙයිපත්තු මුස්ලිම් විද්‍යාලයේ පිහිණුම් තටාකයේදි ද, සම්මන්තුරේ ක්‍රිඩා අමාත්‍යාංශ පිහිණුම් තටාකයේ දි ද පිහිනුම් පුහුණු පාසල වැඩසටහන ඒ සියළු පිහිනුම් තටාක සමග සම්බන්ධ වී පවත්වාගෙන යාමට අදහස් කරනු ලැබේ.

පසුගිය වසර කිහිපය තුල ළමුන් 1000කට අධික සිසු සිසුවියන් අපගේ Learn to swim පාඨමාලාවට සහභාගී සාර්ථකව පිහිණිමට ඉගෙන ගෙන තිබුනි. ඔවුන්ගේ පිහිණුම් හැකියාව  ඉතා ආකර්ෂණීයව සංවර්ධනය වී තිබෙනවා. ඒ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකා විද්‍යාලය, ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලවල ළමුන්ය.

       අම්පාර පිහිණුම් පාසල නිරතුරුව ගුණාත්මක ඉගැන්වීම තුළින් කීර්තියක් ලබාගෙන ඇත. ඒ සදහා පිහිණුම් ක්‍රීඩාව පිළිබදව විශේෂ පුහුණුව ලත් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි හා ශ්‍රී ලංකා ජිවිතාරක්ෂක සංගමයේ සහතික ලත්, ශ්‍රී ලංකා පිහිණුම් පුහුණුකරුවන්ගේ සංගමයේ සමාජික හා රජයේ පාසලක ගුරවරයෙකු යටතේ ඔබගේ වටිනා දුව හෝ පුතා විශ්වාසයෙන් යුතුව  අපේ පිහිනුම් පාසලට ඇතුලත් කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අම්පාර ප්‍රදේශයේ එකම පිහිනුම් පාසල හා ඔබත් එකතුවන්න.

           දැනට අම්පාර ඩි.එස්. සේනානායක ජාතික පාසල, ග්ලෝබල් ජාත්‍යන්තර පාසල, සසෙක්ස් ජාත්‍යාන්තර පාසල, මොණරාගල මහනාම ජාතික පාසල, මොණරාගල රාජකීය ජාතික පාසල, මොන්ටි හොටෙල් මා සමග සම්බන්ධ වි සාර්ථකව මෙම පිහිණුම් පුහුණුවිම් කරගෙන යනු ලබයි.

ඔබගේ වටිනා දරුවාද අප සමග සම්බන්ධකර සාර්ථක පිහිණුම් ක්‍රිඩකයෙකු බවට පත්කරගන්න. ඒ සදහා අවශ්‍ය සියළු පහසුකම් අප පිහිණුම් පාසල විසින් සපයා දක්ෂතා ඇති ඔබගේ දරුවා ජාතික ජාත්‍යන්තර තලය දක්වා යාමට අවශ්‍ය පහසුකම් සැපයිමට අප බැදි සිටි.

අපගේ දැක්ම සහ මෙහෙවර

                 අපගේ දැක්ම අම්පාර ප්‍රදේශය පුරා සිටින අපගේ සියලු සිසුන් සඳහා "සතුට, සුවතාවය හා විශ්වාසය" ගොඩනැගිමය.

                අම්පාර ප්‍රදේශයේ දුවා දරුවන්ට ද කොළඹ නගරයේ දරුවන්ට වගේම විද්‍යාත්මකව, තාක්ෂණයට අනුව පිහිනන්න ඉගෙන ගැනිමට සුදුසු පාසලක් ලෙස අම්පාර පිහිණුම් පාසල බිහිකිරිම, අපගේ අරමුණ වේ. විශේෂ අවශ්‍යතා හා ආබාධිත අය ඇතුළු දරුවන් හා වැඩිහිටියන් සඳහා ශාරිරික සුවතාවයට හා තරගකාරී පිහිනීම පුහුණුව හා වසර පුරා ම පිහිනීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා උපෙදස්  ලබාදීමද අපේ අරමුණු අතරට එකතුවේ.

                      අපේ පිහිනුම් පාසලේ මෙහෙවර විශ්වාසය සහ එකඟත්වය තුලින් ඔවුන් සවිබල ගැන්වීම හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන්, අඩු ආදායම්ලාභී පවුල්, ඇතුළු සියලු දෙනාටම ජීවිත පිහිනුම් ක්‍රීඩාවෙන් පොහොසත් කිරීමට ජීවිතයට-දක්ෂතාව ඉගැන්වීමට ය.

               පිහිනීම-හැකියාව ගැන පමණක් නොව, ශාරීරික හා මානසික සංවර්ධනය පමණක්මද නොව, ජීවිතයේ එදිනෙදා හමුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දිමට හැකියාව ලබාදීම සඳහා අපේ විශේෂයෙන් පුහුණු උපදේශකයන් විසින් උගන්වනු ලැබේ.

              බොහෝ විට පිහිනුම් පුහුණුවන  මුල්  අවධියේදි විවිධ ජල ක්‍රීඩා හා ක්‍රීයාකාරකම් මත පදනම් වූ සිය දැනීම් කුසලතා, කායික කුසලතා, සමාජ හා මානසික සංවර්ධනය, භාෂා සංවර්ධන හා ඔවුන්ගේ ගණිතමය තර්කනයේ යෙදෙමින් විනෝදාස්වාදය සමගින් “පිහිණුම්  පාඩම” ඔබ වෙනුවෙන් හා දරුවන් සඳහා භාවිතා වේ.

පිහිනුම් ක්‍රිඩාවට මුලින්ම ළමයෙකු යොමුකිරිමේ දි ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුය ඒ ආධුනික දරුවෙකුට පිහිනුම් ක්‍රිඩාවේ මුලික දක්ෂතා නිවැරැදිව ඉගැන්විය යුතුය. එම දරුවා කුඩාකල සිටම වැරදි ශිල්පීය ක්‍රම ඉගැන්වුවහොත් ඔහුගේ මුළු පිහිණුම් අනාගතයම විනාශ වීම හෝ කායික අබාධ වලට ලක්විමට ඉඩ ඇත. එබැවින් ඔබගේ දරුවාට විදිමත් පුහුණුවක් ලබාදිමට අප හා එක්වන්න.
මම
එම්. ඉන්දික කුමාර
071-1121089